චීන ජනාධිපතිවරයා චීන වියට්නාම සබඳතා අගය කරයි
2023-12-12 09:54:24
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුත් ලිපියක් වියට්නාමයේ පළ කෙරේ. අද (12) ආරම්භ වන සිය වියට්නාම සංචාරය නිමිති කරගෙන හෙතෙම එරට මහජන පුවත්පතේ එම ලිපිය පළ කර තිබේ.

භූගෝලීය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද සමීප  චීනය හා වියට්නාමය අතර සාම්ප්‍රදායික සහෝදරත්ව මිත්‍රත්වයක් පවතින බවත්, පූර්ණ සහයෝගිතා හවුල්කාරීත්වය දක්වා වර්ධනය වී ඇති එම මිතුදම වත්මන් කාලයේ වඩාත් ශක්තිමත් වී තිබෙන බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි. අනෝන්‍ය විශ්වාසය පදනම් කරගෙන දෙරටේ නායකයන් අතර නිරතුරු හමුවීම් සිදු වේ.මේ වන විට චීනය වියට්නාමයේ විශාලම වෙළඳ හවුල්කරුවා බවට පත්ව සිටින අතර වියට්නාමය චීනයේ ආසියාන් රටවල් අතරින්  විශාලම වෙළඳ හවුල්කරුවා බවට පත්ව ඇත.දෙරටේ පුද්ගල හුවමාරු ද සීග්‍රයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතී. ගෙවුණු මාස 10 තුළ වියට්නාමයේ  සංචාරය කළ චීන ජාතිකයන්ගේ ගමන් වාර සංඛ්‍යාව මිලියන 1.3කි. චීනය හා වියට්නාමය එකිනෙකාගේ කේන්ද්‍රීය කරුණුවලදී අන්‍යෝන්‍ය වශයෙන් සහය වෙමින් කලාපීය හා ජාත්‍යන්තර සහයෝගිතා යාන්ත්‍රණ තුළ සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බව චීන ජනාධිපතිවරයා කියා සිටී.

චීන රජය චීන-වියට්නාම සම්බන්ධතා සැමවිටම වැදගත් කොට සලකයි.එම සම්බන්ධතා වර්ධනය පිළිබඳව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් අදහස් දක්වයි. දෙරට අත්වැල් බැඳගෙන සමාජවාදී මාවතේ ගමන් කරමින් ‍පොදු ඉරණමක් සහිත උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ගොඩ නගා ගත යුතු ය. ඒ සඳහා චීනය හා වියට්නාමය උපාය මාර්ගික වශයෙන් යහපත් සන්නිවේදනයක් පවත්වමින් එකිනෙකාට අනුපූරකව සහාය වෙමින් මිත්‍රත්ව හුවමාරු ශක්තිමත් කළ යුතු ය.එමෙන් ම දකුණු චීන මුහුද සම්බන්ධයෙන් දෙරට අතර පවතින ගැටළු නිසියාකාරයෙන් නිරාකරණය කරමින් දෙරටේ දිගුකාලීන යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම