චීන ආජන්ටිනා සහයෝගතා වර්ධනයට පියවර
2023-12-12 10:28:56
Share with:

ආජන්ටිනා රජයේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Wu Weihua මහතා පසුගිය 10 වනදා Buenos Aires නුවර පැවති ආජන්ටිනා නව ජනාධිපති Javier Milei මහතා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි විය. Javier Milei මහතා ඊයේ (11) ආර්ජන්ටිනාවේ ජනාධිපති මන්දිරයේදී Wu Weihua මහතා හමු විය.

Wu Weihua මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ උණුසුම් සුබපැතුම් Javier Milei මහතා වෙත ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ගෙවී ගිය වසර 50ක කාලය තුළ සහයෝගීතාවයේ ප්‍රතිඵල තුළින් දෙරටේම ජනතාවට ප්‍රතිලාභ හිමිව ඇති බව Wu Weihua මහතා පැවසීය. චීන-ආර්ජන්ටිනා සබඳතා වර්ධනයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙයි. ආජන්ටිනා නව රජය සමඟ එක්ව අන්‍යෝන්‍ය ගෞරවය, සමාන සැලකීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල මත, දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩ හා ගැඹුරින් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

ආජන්ටිනා නව රජය ආජන්ටිනා-චීන සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, එකම චීනය යන මූලධර්මය අඛණ්ඩව දැඩි ලෙස පිළිපදින බවත් Javier Milei මහතා පැවසීය. ආජන්ටිනා සහ චීනයේ ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වන අතර, ආර්ථිකය, වෙළඳාම සහ මානව හුවමාරු යන ක්ෂේත්‍රවල දෙරට අතර හුවමාරු සහ සහයෝගීතාවයේ ගැඹුරු සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ආජන්ටිනාව කැමැත්තෙන් සිටින බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම