පලස්තීන-ඊශ්‍රායල් ගැටුමෙන් 19,600 කට වැඩි පිරිසක් මරුට
2023-12-12 11:37:27
Share with:

පලස්තීන-ඊශ්‍රායාල ගැටුමෙන් මේ දක්වා දෙපාර්ශ්වයේම පුද්ගලයින් 19,600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

ඊශ්‍රායල හමුදාව ඊයේ(11) යළිත් වරක් නිවේදනයක් නිකුත් කරමින්, උතුරු ගාසා තීරයේ වැසියන්ට දකුණු දෙසට යන ලෙසට ඉල්ලා සිටියේය. ඒ අතරම, ඊශ්‍රායල හමුදා දකුණු ගාසා හි Khan Younis නගරයේ දී හමාස් සංවිධානය සමඟ දරුණු සටන්වල නිරත වෙමින් සිටිති. හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයේ බොහෝ ජනාවාසවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා‍ වෙයි.

මේ අතර 21 වැනි Doha සංසදය පසුගිය 10වැනිදා කටාර් හි Doha අගනුවර  දී ආරම්භ විය. සංසදය අතරතුර පලස්තීන ප්‍රශ්නය ඉහළ අවාධනයට විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා එහිදී දේශනයක් කරමින් පැවසුවේ, ගාසා තීරයේ මානුෂීය සටන් විරාමය ප්‍රවර්ධනය කිරීම අත් නොහරින බවයි.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම