චීන මධ්‍යම ආර්ථික කටයුතු සමුළුව බෙයිජිං අගනුවර දී
2023-12-12 19:37:34
Share with:

චීන මධ්‍යම ආර්ථික කටයුතු සමුළුව ඊයේ (11) සහ අද (12) බෙයිජිං හි දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ඊට එක්ව  වැදගත් දේශනයක් පවත්වා තිබේ.

2023 වසරේ ආර්ථීක කටයුතු පූර්ණ වශයෙන් සාරාංශ කළ ෂී ජින් පිං මහතා වත්මන් ආර්ථීක තත්ත්වය ගැඹුරින් විශ්ලේෂණය කර ඇත. ලබන වසරේ ආර්ථීක කටයුතු සැලසුම් කර ඇතැයි ද හෙතෙම සිය දේශනයේ දී සඳහන් කළේය. 

ලබන වසරේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය කේන්ද්‍ර කරගත් අංශ මුල් කරගනිමින් ආර්ථීක වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව එම සමුළුවේ දී අවධාරණය කෙරිණ. 

ඒ සඳහා නව වැදෑරුම් උපදෙස් මාලාවක් ද ඉදිරිපත් කර ඇත.  තාක්ෂණික නවෝත්පාදන සහිත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමට මඟපෙන්වීම, දේශීය ඉල්ලුම් ව්‍යාප්තිය  තහවුරු කිරීම, ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සහතික කිරීම හා ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම එම උපදෙස් මාලාවට ඇතුළත් වේ. මීට අමතරව, ප්‍රධාන ක්ෂේත්‍රවල අවදානම් තත්ත්ව ඵලදායීව පිටුදැකීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම, ග්‍රාමීය  කෘෂිකාර්මික ප්‍රදේශ හා ගොවීන් පිළිබඳ වැඩසටහන් නිසි ලෙස ක්‍රියාවට නැංවීම,    නාගරික-ග්‍රාමීය ඒකාබද්ධකරණය සහ ප්‍රාදේශීය   සම්බන්ධීකරණයන් තහවුරු කිරීම, ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම මෙන්ම හරිත හා අඩු කාබන් සංවර්ධනය තවදුරටත් පවත්වා ගත යුතු බව ද එහි දක්වා ඇත. එසේම, පොදු ජනජීවිතය ප්‍රායෝගික ලෙස ආරක්ෂා කර යහපත් කළ යුතු බව ද එහිදී අවධාරණය කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ, දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන, Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang සහ Li Xi යන මහත්වරු එම සමුළුවට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම