දෙවන ණය වාරිකය පිළිබඳ තීරණයට IMF විධායක කමිටුව රැස්වෙයි
2023-12-12 18:13:35
Share with:

ශ්‍රී ලංකාවට මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ආධාරයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය.

එහි පළමු වාරිකය මීට පෙර ලබා දුන් අතර, අද (12) රැස්වන විධායක කමිටුව ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන ණය වාරිකය මුදාහැරීම පිළිබඳ තීරණයකට එළඹෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම