චීන - වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායක දෙපළ තේ පැන් සංග්‍රහයකට එක්වෙති
2023-12-12 23:34:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) පස්වරුවේ හැනොයි අගනුවරට පැමිණ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව Nguyen Phu Trong මහතාගේ ආරාධනාවක් අනුව ඔහු තේපැන් සංග්‍රහයකට ද එක් විය. පක්ෂ නායක දෙපළ සුහදශීලීව මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. එහිදී Nguyen Phu Trong මහතා ෂී ජින්පිං මහතා වෙත කලාත්මක සිතුවමක් තිළිණ කළේය.  ‘ තිළිණයට වඩා වටින්නේ සහෝදරත්වය’ බව ද ඔහු ෂී ජින්පිං මහතා හමුවේ පැවසීය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම