චීන ජනපති ආර්යාව සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහලේකම් ආර්යාව සංස්කෘතික ක්‍රියාකාරකම් රැසකට එක්වෙති
2023-12-12 21:29:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආර්යාව වන පෙන්ග් ලීයුවාන් මහත්මිය සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතාගේ ආර්යාව වන Ngo Thi Man මහත්මිය වියට්නාම කාන්තා කෞතුකාගාරය නරඹති.

එහිදී Ngo Thi Man මහත්මිය සමග පෙන්ග් ලීයුවාන් මහත්මිය විශේෂයෙන්ම වියට්නාම කාන්තා සිරිත්විරිත් ප්‍රදර්ශනය නැරඹුවාය. වියට්නාම කාන්තාවන්ගේ කඩිසරබව හා එඩිතරබව පෙන්ග් ලීයුවාන් මහත්මියගේ පැසසුමට ලක් විය. අනතුරුව ඇය Ngo Thi Man මහත්මිය හා එරට  ප්‍රමුඛ පෙළේ විවිධ නියෝජිතවරියන් සමග පිළිසඳරක නිරත වූවාය. චීනය සෑම ආකාරයකම කාන්තා අයිතීන් සුරැකීමට උපරිම අවධානය යොමු කරන බව ජනාධිපති ආර්යාව මෙහිදී කියාසිටියාය. එසේම වියට්නාමය කාන්තා ප්‍රයත්න, කාන්තාවන්ගේ තැන ඉහළ නංවාලීම හා කාන්තා අයිතීන් ආරක්ෂාව අතින් ද පුළුල් අත්දැකීම් සතු රටක් බව ද ඇය පෙන්වා දුන්නාය. මේ හේතුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය අධ්‍යයනය පුළුල් කළ හැකි යැයි ද ඇය  විශ්වාසය පළ කළාය.

අනතුරුව  තේපැන් සංග්‍රහයකට එක් වූ  ආර්යාවෝ දෙපළ වියට්නාම‍ සාම්ප්‍රදායික සංගීතය රසවිඳිමින් ජාතික ඇඳුම් ප්‍රදර්ශනයක් ද නැරඹූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම