විශාලතම අනාරක්ෂිත භාවය වන්නේ සංවර්ධනය නොවීම බව චීනය කියාසිටී
2023-12-12 18:34:14
Share with:

සහයෝගයෙන් තොරවීම විශාලතම අවදානම වන අතර, විශාලතම අනාරක්ෂිත භාවය වන්නේ සංවර්ධනය නොවීම බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය. 

පසුගිය වසරේ ලොව විවිධ රටවල් පනවා ඇති වෙළඳ සම්බාධක පියවර ගණන 3000 ක් පමණ වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජිත සභාපතිනි Gita Gopinath මහත්මිය ඉකුත් 11 වැනිදා කළ ප්‍රකාශයක් මාධ්‍ය වාර්තාවන් හි පළවිය. 2019 වසර හා සැසඳීමේදී එය තුන් ගුණයක වැඩිවීමකි. ලෝක ආර්ථීකය ඇමරිකාව හා යුරෝපය සහ චීනය හා රුසියාව ප්‍රමුඛ රටවල් ලෙස බටහිර හා නැගෙනහිර වශයෙන් කණ්ඩායම් දෙකකට වෙන් කළහොත්, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය 2.5% ක සිට 7% ක් දක්වා අහිමි විය හැකි බවත් ඇය සඳහන් කර ඇත. 

මේ සම්බන්ධයෙන්, මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළේ, විවෘත ලෝක ආර්ථීකයක් ගොඩනැගීමේ නියැලී සිටින චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය ස්ථීරව ක්‍රියාත්මක කරන බවයි. විවිධ පාර්ශ්ව සමඟ එක්ව පොදු සංවර්ධනය හා සමෘද්ධිය ඉටු කිරීම සඳහා සාධාරණ ලෙස සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය ජයග්‍රහණ සහිත සහයෝගිතාව අනුගමනය කිරීමටත් චීනය සූදානම් බව මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම