දේශගුණ විපර්යාසයන් පිළිබඳ අභිලාෂ පරතරය සමනය කළ යුතු බව ජගත් මහ ලේකම් කියයි
2023-12-12 09:39:33
Share with:

විශාල විෂමතා සහිත විවිධ පාර්ශ්වයන් ගේ දේශගුණ අභිලාෂ හා සාධාරණත්වයන් සමතුලිත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. සංවර්ධිත රටවල් තම සියළු පොරොන්දු ඉටු කළ යුතු බව ද හෙතෙම කියා සිටී. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුතියේ 28 වැනි පාර්ශ්වයන්ගේ සමුළුව ඊයේ(11) පැවැත්වූ මාධ්‍ය හමුවේදී António Guterres මහතා පැවසුවේ එම සමුළුව අවසන් වීමට පෙර මෙම ක්‍රියාමාර්ගයන්ට එළඹිය යුතු බවයි.

හරිතාගාර වායූ විමෝචනය අඩු කිරීම හා දේශගුණ යුක්තිය සාක්ෂාත් කිරීමේ  අභිලාෂයන් තහවුරු කරන ලෙස António Guterres මහතා විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. මූල්‍යමය ඇතුළු සෙසු සියළු පොරොන්දු සංවර්ධිත රටවල් ප්‍රමාණවත් මෙන්ම විනිවිද වශයෙන් ඉ‍ටු කළ යුතු බව ද හෙතෙම පැවසීය. බොහෝ සංවර්ධනය වෙමින පවතින රටවලට ප්‍රමාණවත් මුදල් නොමැති අතර දේශගුණ විපර්යාසයෙන් එම රටවලට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. 2025 වසර වනවිට දේශගුණ විපර්යාස පාලනය වෙනුවෙන් අවශ්‍ය මුදල් දෙගුණයකින් වැඩි කළ යුතු අතර එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 40ක් දක්වා වර්ධනය වනු ඇති බව ද  António Guterres මහතා කීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම