8 වැනි දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව කොළඹ දී
2023-12-12 18:15:39
Share with:

8 වැනි දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇරඹේ. ඊයේ (11) ඇරඹුණු එහි මෙවර තේමාව “සහජීවනයෙන් එක්ව සේද මාවත ඔස්සේ එන ප්‍රඥාවෙන් ආලෝකය ලබාගන්න” යන්න යි.

සමුළුව මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, චීනයේ ජ්‍යෙෂ්ඨතම හිමිනමක් වන පූජ්‍ය යින් ෂුන් නාහිමියෝ එහි මුලසුන දරති.

මෙහි සත්කාරක දායකත්වය පිරිනමන්නේ කොළඹ ගංගාරාම විහාරස්ථානය යි. රටවල් 32 ක් පමණ නියෝජිතයන් 500 ක් පමණ සමුළුවට එක්වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මීට සහභාගි වන චීන දූත පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව, ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් ද සමග අරලියගහ මන්දිරයේ පැවැත්වෙන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමට ද නියමිතය.

අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ සමුළුවේ 08 වැනි වටයට ශ්‍රී ලංකාව තෝරාගැනීම සම්බන්ධයෙන් යින් ෂුන් නාහිමියන්ට සහ චීනයට කෘතවේදීත්වය පුදකරන බව යි. සමුළුවේ මූලික පරමාර්ථය බෞද්ධ රටවල ආගමික නායකයන් ඒකරාශී කර ඒ ඒ රටවල් අතර ආගමික වශයෙන් දැඩි බැඳීමක් ඇති කරගැනීමයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම