කාශ්මීර ප්‍රශ්නය පිළිබඳව චීනයේ ස්ථාවරය වෙනස් නොවෙයි
2023-12-12 17:30:49
Share with:

කාශ්මීර ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරය වෙනස් නොවන අතර පැහැදිලි වන බව චීනය පවසයි.

කාශ්මීර ප්‍රශ්නය ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඓතිහාසික ගැටලුවක් වන අතර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ආරක්ෂක මණ්ඩල යෝජනා සහ අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අනුව සාමකාමී ආකාරයෙන් විසඳාගත යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නාය. කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා, අදාළ පාර්ශවයන් සංවාද මගින් ආරවුල් නිරාකරණය කළ යුතු බව ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම