චීනයේ දේශගුණ සැලැස්ම බොහෝ පාර්ශ්වයන්ගේ පැසසුමට ලක් වේ
2023-12-12 16:04:51
Share with:

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුතියේ 28 වැනි පාර්ශ්වයන්ගේ සමුළුව සමාප්තියට ආසන්න වෙයි. චීනයේ දේශගුණ ප්‍රතිපත්තිය සහ බලශක්ති පරිවර්තන ක්‍රමවේදය බොහෝ පාර්ශ්වවල අවධානය දිනා ගෙන ඇත.

හරිත තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය හා භාවිතයෙන් ද චීනය ප්‍රමුඛ ස්ථානයේ සිටින බව යුරෝපා කොමිසමේ දේශගුණ ක්‍රියාකාරකම් පිළිබඳ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් Jos Delbeke මහතා පැවසීය.

චීනය වසර 2030ට පෙර කාබන් උපරිම ප්‍රමාණයට ළඟා වීමේ අවස්ථාවට පැමිණීමේ ඉලක්කය සමස්ත ලෝකයටම වැදගත් අර්ථයක් ගෙන දෙන බව බලශක්ති සංක්‍රාන්ති කමිටුවේ සභාපති සහ බ්‍රිතාන්‍ය දේශගුණ විපර්යාස කමිටුවේ හිටපු සභාපති Adair Turner මහතා සඳහන් කළේය.

චීනය හරිත බලශක්ති පරිවර්තනය සහ හරිත ප්‍රවාහනයේ ප්‍රමුඛ රටක් වන අතර එය "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට ඇතුළත් වෙමින් බොහෝ රටවලට  මග පෙන්වා දීමක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස තිරසර ප්‍රවාහන හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධානී Cecilia Anderson මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම