චීන සහ ඉරාන විදේශ ඇමතිවරු අතර දුරකථන සංවාදයක්
2023-12-12 09:00:04
Share with:

චීන සහ ඉරාන විදේශ ඇමතිවරු දුරකථන සංවාදයක නිරත වෙති. ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ඔවුහූ අදහස් හුවමාරු කර ගත්හ.

එහිදී චීන විදේශ ආමාත්‍ය වන්ග් යී මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. කඩිනම් සටන් විරාමයකට එළඹෙමින් ගැටුම් නතර කිරීම, මානූෂීය සහන සහතික කිරීම සහ ද්වී රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම චීනයේ ස්ථාවරය වී තිබේ. දෙරටේ රා‍‍ජ්‍ය නායකයන් අතර මෙම වසරේ සිදුවූ හමුවීම්වලදී එළඹි එකඟාතාවන් ක්‍රියාත්මක කිරීමට සහ ද්වී පාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙනයාමට චීනය සූදානම් බවද වන්ග් යී මහතා සඳහන් කළේය. ඉරානය සහ සෞදි අරාබිය අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කලාපයේ රටවල් අතර එක්සත්භාවය හා සහයෝගතාව ප්‍රවර්ධනය කිරීමට චීනය සහයෝගය දක්වන බවද චීන විදේශ ඇමතිවරයා කීය. කලාපයේ සාමය හා ආරක්ෂාව එහි රටවල් මත පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම