චීන ආර්ථික ගමන නව වසරට නව බලාපොරොත්තු ගෙන දෙන්නක්
2023-12-12 14:51:25
Share with:

චීන ආර්ථීකය ලෝකයට බලපාන්නේ කෙසේද යන ප්‍රස්තුත කාරණාවේදී වඩා පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක විශේෂඥ වෛද්‍ය ජි විරසිංහ මහතා පවසයි. මිලදී ගැනීමේ බල සමානතා ක්‍රමවේදය අනුව ගත්විට වර්තමානයේ දී චිනය ලොව විශාලතම ආර්ථික සාධකය බවට පත්ව ඇත. ගෙවීයන 2023 වසරේදීද විවිධ අවිනිශ්චිත දේශීය හා විදේශීය තත්ත්වයන් හමුවේ වුවද චීනය සිය ආර්ථිකයේ ගම්‍යතාව පවත්වා ගැනීමට සමත්ව ඇත්තේ එම ශක්තියේ හේතුවෙනි. තවදුරටත් විදේශීය ආයෝජකයන් ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට චීනය පත්ව තිබේ. වර්තමානය වනවිට චීනය  විශාලතම භාණ්ඩ නිෂ්පාදකයා, භාණ්ඩ ආනයන සහ අපනයනකරුවා ද වෙයි. චීනය ලෝකයේ සෙසු රටවලට අත්‍යවශ්‍ය සාධයක් බවට පත්ව තිබේ. මෙම  කාලය තුළ ආසියානු ආර්ථිකයේ මහ පිබිඳිමක් දක්නට ලැබෙන බවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කරයි.

වසර කිහිපයක සිට ලොව පුරා දේශපාලන හා ආර්ථීක විද්‍යාඥයන් විසින් සඳහන් කරනු ලබන කරුණක් නම් ලෝකය ක්‍රමානුකූලව නව ශතවර්ෂයට ආසන්න වී ඇති බවයි. මෙම ශතවර්ෂය ආසියානු ශතවර්ෂයක් බව ඔවුන්ගේ අදහස වී තිබේ. එහිදී ආසියානු ආර්ථීකයේ කේන්ද්‍රීය ආර්ථිකය අන් කිසිවක් නොව චීන ආර්ථිකය බව අවිවාදයෙන් පිළිගත යුතුය.

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා ආසියාව, අප්‍රිකාව හා යුරෝපය එකට යා කෙරෙන දැවැන්ත ආර්ථික හා සාමාජීය ගමනේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට චීනය මෙම වසරේදී අඩිතාලම දැමීය. ‍එය නව වසරේ ගෝලීය ආර්ථිකයට නව ජීවයක් ගෙන දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම