දේශගුණ විපර්යාසයට මුහුණ දීමට චීනයේ දායකත්වය
2023-12-12 11:20:13
Share with:

දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී චීනය ප්‍රශස්ත අයුරින් ක්‍රියා කර නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධාන සභාපති Abdulla Ahmed Al Mandous මහතා පවසයි. චීනය ක්‍රමිකව සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් ගෝලීය දේශගුණ විපර්යාස පාලනයට සක්‍රීය ලෙස සහභාගී වී සිටී.

චීනය, විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර  සිය ඓතිහාසික වගකීම් එලෙසම පවත්වා ගනි‍මින් අලුතෙන් වර්ධනය වන ආර්ථිකයකි. දැනට චීනයේ ඒක පුද්ගල සමස්ත කාබන් විමෝචන ප්‍රමාණය තවදුරටත් අඩු මට්ටමක පවතී. එය ඇමරිකාවේ  ප්‍රමාණය හා සැසඳීමේ දී අටෙන් එකක් වන අතර, යුරෝපා සංගමයට අනුව හතරෙන් එකකි. එසේ ම, චීනයේ කාබන් විමෝචන ප්‍රබලතාව අඛණ්ඩ ව අවම වෙමින් පවතී. 2022 වසරේ එහි ප්‍රබලතාව 2005 වස‍ර හා සැසඳීමේ දී 51%කට වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබේ. චීනය, ඓතිහාසික වශයෙන් කාබන් විමෝචන ප්‍රමාණය හා ඒක පුද්ගල සමස්ත කාබන් විමෝචන ප්‍රමාණය ද ප්‍රධාන සංවර්ධිත රටවලට වඩා කැපී පෙනෙන අයුරින් අඩු මට්ටමක පවත්වා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් ගවේෂණය හා භාවිතය වෙත චීනය ඉහළ අවධානයක් යොමු කරයි. ආර්ථික හා පරිසර තුලනාත්මක සංවර්ධනය උදෙසා ද චීනය ක්‍රියා කරමින් සිටී. 2013 වසරේ සිට මේ දක්වා, බලශක්තිය, ආහාරය, දේශගුණය හා පරිසරය පිළිබඳ සුරක්ෂිතභාවය සහතික කිරීම පදනම් කරගනිමින් ආර්ථික සංවර්ධනය පරිසර හිතකාමී බවට පරිවර්තනය කිරීම චීනය තහවුරු කරමින් සිටී.

මීට අමතරව, වසර කිහිපයක් තුළ, චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් සමග එක්ව දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා සංවාද පැවැත්වීම ශක්තිමත් කරමින් සිටී. දේශගුණ විපර්යාසය පිළිබඳ දකුණු-දකුණු සහයෝගිතා චීනය අඛණ්ඩ ව ඉදිරියට මෙහෙයවමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය්‍ය සහාය ලබාදීම කැපී පෙනේ.

මෙවර පැවැත්වෙන COP28 සමුළුව මානව පොදු අභියෝගයන්ට මුහුණ දීමේ වේදිකාවකි. සිය සංවර්ධනාත්මක කාර්යභාරය ඉටු කරමින් විවිධ පාර්ශ්වයන් සමග එක්ව පවිත්‍ර, සුන්දර ලෝකයක් ගොඩනැංවීමට චීනයේ  කැපවීම වඩාත් ඉස්මතුවී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම