සේවා කාලය නිම කළ ඉන්දියානු මහකොමසාරිස්වරයා සහ අගමැතිවරයා අතර හමුවක්
2023-12-12 18:14:43
Share with:

සේවා කාලය නිමවා නැවත ඉන්දියාව බලා පිටත් ව යන ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

සිය සේවා කාලය තුළ දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ස්තුති කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික බැඳීම හා රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය සදාතනික බවද පැවසීය.

දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීමට මෙන්ම රට පත් ව තිබූ අසීරුතම අවස්ථාවේ ඉන් මිදීමට ගෝපාල් භාග්ලේ මහතා දැක්වූ සහාය පෙරළා අගය කළ අග්‍රාමාත්‍යවරයා ලද උපකාර හා සහයෝගය කෘතවේදී ව සිහිපත් කළේය.  අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  සහ ගෝපාල් භාග්ලේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම