ඇමරිකානු චිප් නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට අදාළව සීමා පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2023-12-12 17:13:29
Share with:

ඇමරිකානු චිප් නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට අදාළව සීමා පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

මෙම චිප් අපනයන සම්බාධක පිළිබඳව චීනය බොහෝ වතාවක් තම ස්ථාවරය පැහැදිලි කර ඇති බවත්, ඇමරිකාවේ එම ක්‍රියාවලිය අපනයන පාලනය වැරදි ලෙස භාවිත කිරීමක් බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය. එය චීන සමාගම්වල සාධාරණ අයිතිවාසිකම්වලට සහ ගෝලීය චිප් නිෂ්පාදන හා සැපයුම් දාමයට හානි කරන අතර,  වෙළඳපොල ආර්ථිකය හා සාධාරණ තරඟය පිළිබඳ මූලධර්මය ද එමගින් උල්ලංඝනය කෙරෙන බව ද ඇය පෙන්වා දුන්නාය. කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභ අත්නොවන මෙම ක්‍රියාවලියට චීනය තරයේ විරෝධය පළකරන බවත්, පවතින නව තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් තම සාධාරණ අයිතීන් ආරක්ෂා කිරීමට චීනය අඛණ්ඩ පියවර ගන්නා බවත් Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම