මානව හිමිකම් සුරැකීමට කැප වී සිටින බව චීනය කියයි
2023-12-11 20:01:03
Share with:

තම රට මානව හිමිකම් ප්‍රවර්ධනය හා සුරැකීමෙහි ස්ථිර ලෙස නියැලී සිටින බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (11) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේ, දෙසැම්බර් 10 වැනිදාට යෙදුණු ලෝක මානව හිමිකම් දිනය නිමිති කරගනිමින්,  චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ජනතා කේන්ද්‍රීය මානව හිමිකම් සංකල්පයෙහි තරයේ රැඳීසිටින චීනය  ජනතාවගේ සුවපහසු දිවිපැවැත්ම වැදගත්ම මානව හිමිකම් අංගයක් ලෙසට සලකයි. එ‍සේම සුවපහසු සමාජයක් ගොඩනගා ඇති චීනය මානව ඉතිහාසයේ දිළිඳුකම පිටුදැකීම පිළිබඳ විශාලතම සටනින් ජය ලබා ඇත. යුගයටත් තම රටේ තත්ත්වයටත් ගැලපෙන මානව හිමිකම් සංවර්ධන මාවතක ගමන් කරමින් සිටින චීනය මානව හිමිකම් ව්‍යායාමයෙහි ඓතිහාසික ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. චීනය  මානව හිමිකම් ප්‍රවර්ධනය හා සුරැකීමෙහි ස්ථිර ලෙස නියැලී සිටිමින් සමස්ත මානවයන්ගේ පොදු වටිනාකම පිළිබඳ සංකල්පය විදහා දක්වනු ඇත. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ පදනම මත මානව හිමිකම් පිළිබඳ සංවාද හා සහයෝගතා පැවැත්වීමට චීනය අපේක්ෂා කරන බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම