මහ කන්නයේ පොහොර සඳහා රජය බිලියන 10 ක් වෙන්කරයි
2023-12-11 15:52:25
Share with:

2023 මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම මුදලින් රුපියල් බිලියන 2.3 ක් මේ වන විටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. අදාළ මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා කියාසිටී.

රුපියල් බිලියන පහක මුදලක් මේ වසර අවසානයට පෙර ගොවි ගිණුම්වලට යොමුකෙරෙන අතර, ඉතිරි රුපියල් බිලියන පහ ජනවාරි මාසය තුළ ගොවීන්ට ලබාදීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගොවීන් ලක්ෂ 12 කගේ ගිණුම්වලට මෙම මුදල් බැරකෙරෙනු ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම