පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ යළි හදිසි රැස්වීමක්
2023-12-11 11:58:46
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය යළි හදිසි රැස්වීමක් පවත්වයි.

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය පසුගිය ඔක්තෝබර් මස 27වන දින සම්මත කළ තීරණයක් අනුව එම හදිසි රැස්වීම නැගෙනහිර ඇමරිකානු වේලාවෙන් 12වැනි දා පස්වරු 3.00ට පැවැත්වෙනු ඇත. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ ය. 

ඉකුත් 8වැනි දා අරාබි කණ්ඩායමේ සභාපති රට වන ඊජිප්තුව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සභාපති රට වන මොරිටේනියාව එක්සත් ජාතීන්ගේ මහ සම්මේලන සභාපති කාර්යාලයට ලිපි යොමු කර තිබේ. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් යළි පවත්වන ලෙස එම රටවල් දෙක ලිපි මගින් ඉල්ලීමක් කර ඇත.

එදින ගාසා තීර‍යේ හදිසි සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට ඇමරිකාව ‍නිෂේධ බලය භාවිත කළ බැවින් එම යෝජනාව සම්මත වී නොමැත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම