හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන දිස්ත්‍රික් සභා මැතිවරණය සාර්ථකව අවසන්
2023-12-11 11:00:35
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන දිස්ත්‍රික් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.ඒ අනුව දිස්ත්‍රික් ව්‍යවස්ථාදායක කමිටු  නියොජිතයන් 176 දෙනෙකු  තෝරාපත් කර ගෙන ඇති අතර දිස්ත්‍රික් පරිපාලන මැතිවරණ කොට්ඨාස නියෝජිතයන් 88 දෙනාද තෝරා ගෙන තිබේ.මිලියන 1.19කට අධික ඡන්ද දායකයෝ පිරිසක් ඡන්දය භාවිත කළහ.ඡන්ද ගණන් කි‍රීමේ කටයුතු මනා ලෙස සිදු කෙරුණු බවත් සියළු මැතිවරණ විධිවිධාන විධි විධාන,අවංක හා සාධාරණ අයුරෙන් පැවති බවත් මැතිවරණ කටයුතු පිළිබඳ කොමිසමේ සභාපතිවරයා කීය.දිස්ත්‍රික් සභාවල නව ධුර කාලයට පත්කෙරෙන නියෝජිතයන් ද ඇතුළුව ඊට සමස්ත නියොජිතයෝ 470 දෙනෙක් ඇතුළත් වෙති. හොංකාං දිස්ත්‍රික් සභා ක්‍රමයේ සිදු කෙරුණු සංශෝධනයන්ට අනුන දේශප්‍රේමීන් විසින් හොංකොං පාලනය කිරීමේ මූලධර්මය ක්‍රියාත්මක කර තිබේ.එමගින් හොංකොං මූලික නීතියට දැඩිව අනුගතවීම තහවුරු කර තිබේ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිළධාරියා ඉරිදා දිනයේ දී ඡන්දය භාවිත කිරීමෙන් පසු පැවසුවේ නව මැතිවරණ සංශෝධනය යටතේ තෝරා ගැනෙන සියළු දිස්ත්‍රික් සභා නියොජිතයන් දිස්ත්‍රික්වල ,හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හා සමස්ත රටේම ආරක්ෂාව හා අභිලාෂයන් සුරකින දේ‍ශප්‍රේමීන් වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම