චීනය සහ වියට්නාමය අතර මාධ්‍ය සහයෝගිතාවයේ නව පියවරක්
2023-12-11 16:47:20
Share with:

චීනය සහ වියට්නාමය අතර මාධ්‍ය සහයෝගිතාව යළි තහවුරු කෙරේ. දෙරට නව වටයේ මාධ්‍ය සහයෝගිතාව ඇරඹීමේ උත්සවය වියට්නාමයේ හැනොයි අගනුවර දී අද (11) පැවැත්විණ. හෙට (12) සිදු කෙරෙන චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වියට්නාම සංචාරය නිමිත්තෙන් මෙය පවත්වනු ලැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උත්සවයේදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය. වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ වොයිස් ඔෆ් වියට්නාම් ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Do Tien Sy මහතා ද එම උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත.

චීන මාධ්‍ය සමූහය සහ වියට්නාම ඩිජිටල් රූපවාහිනිය එක්ව නිෂ්පාදනය කරන “චීනය සහ වියට්නාමය සම්බන්ධ කිරීම” නමැති වියට්නාම භාෂිත දිනපතා ප්‍රවෘත්ති විකාශය ද මෙහිදී නිල වශයෙන් එළිදැක්විණ. විදේශීය මාධ්‍ය සහභාගිත්වය සහිතව, එරට ජාතික මට්ටමේ රූපවාහිනී ආයතනයක් ප්‍රවෘත්ති වැඩසටහනක් එළිදැක්වූ පළමු අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම