වැට් බදු සංශෝධන විවාදය පිළිබඳ හදිසි ඡන්දයක්
2023-12-11 16:02:20
Share with:

2024 අයවැයෙහි, වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ දීම විවාදයට ගන්නේ ද, නැද්ද යන්න පිළිබඳව පැවති හදිසි ඡන්ද විමසීමෙන් ආණ්ඩු පාර්ශ්වය ජයග්‍රහණය කරයි. ඒ  අනුව, වැට් බදු සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස පවත්වා, සම්මත කරගැනීමට නියමිතය.

එම පනත පිළිබඳ විවාදය පැවැත්වීම පිළිබඳව විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා මෙම ඡන්ද විමසීම පැවැත්වීය.

ඊට පක්ෂව ඡන්ද 92 ක් සහ විපක්ෂව ඡන්ද 41 ක් ලැබිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම