ඇතැම් බටහිර රටවල් තම රට අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය
2023-12-11 18:19:16
Share with:

ඇතැම් බටහිර රටවල් තම රට අපකීර්තියට පත් කිරීම නතර කළ යුතු බව චීනය පවසයි.

චීන සමාගම් තුනක් ඊනියා “උයිගුර් හි බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ නීතිය”ට අදාළ ආයතන ලැයිස්තුවට ඇතුළත් කරන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව විරෝධය දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය. ඇමරිකාව නැවතත් අසත්‍යයන් නිර්මාණය කර, ෂින්ජ්‍යංහි මානව හිමිකම් නාමයෙන් චීන සමාගම් වෙත නීති විරෝධී සම්බාධක පැනවීම කෙරෙහි දැඩි විරෝධය පළකරන බවත්, එම පියවර තරයේ හෙළාදකින බවත් ඇය පෙන්වා දුන්නාය.

යුරෝපා සංගමය ඊ‍යේ (10) චීනයේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි යළි පළ කළ අදහස් පිළිබඳව ද Mao Ning මහත්මිය එහිදී ප්‍රතිචාර දැක්වූවාය. චීනය අපකීර්තියට පත් කරන යුරෝපා සංගමය, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් ව ඇතැයි ද ඇය කියා සිටියාය. ඒ පිළිබඳව චීනය යුරෝපා සංගමයට දැඩි විරෝධය ද පළ කර තිබේ. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම