චීන-පිලිපීන සමුද්‍ර ආරවුල්වලට ඇමරිකාව මැදිහත් විය යුතු නැතැයි චීනය කියයි
2023-12-11 21:27:44
Share with:

චීනය සහ පිලිපීනය අතර සමුද්‍ර ආරවුලට ඇමරිකාව මැදිහත් විය යුතු නැතැයි  චීනය පවසයි.

දකුණු චීන මුහුදේ ඊනියා “භයානක සහ ස්ථාවරත්වයට හානි වන ක්‍රියා” නතර කරන ලෙස ඇමරිකාව ඊයේ (10) චීනයෙන් ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ  ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව අදහස් දැක්වූවාය. 

චීනය සහ පිලිපීනය අතර පවතින සමුද්‍ර ආරවුල දෙර‍ට අතර ප්‍රශ්නයක් වන අතර, කිසිදු තෙවැනි පාර්ශ්වයකට ඊට මැදිහත් වීමට අයිතියක් නොමැති බව ඇය අවධාරණය කළාය. ඇමරිකාව මෑතකාලිනව තම භූ දේශපාලනික වාසි වෙනුවෙන්, පිලිපීනය දකුණු චීන මුහුදේ සිදුකරන ප්‍රකෝපකාරී හැසිරීම්වලට සහාය දෙන අතර, යුක්තිය නොසලකා, ගැටළු ඇති කර කලාපීය සාමයට හානි කරමින් සිටින බව ද ඇය පෙන්වා දුන්නාය. තම භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, චීනය දේශීය හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව අවශ්‍ය පියවර ගනු ඇතැයි ද Mao Ning මහත්මිය එහිදී කියා සිටියාය.‍

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම