ගාසා හි සටන් විරාම යෝජනාවට එරෙහි වූ ඇමරිකාව කෙරෙහි චීනයේ දැඩි කනස්සල්ල
2023-12-11 18:18:24
Share with:

ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව චීනය දැඩි කනගාටුව පළ කරයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය. 

ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට පසුගිය 8 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කෙටුම්පත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්ද විමසීමක් පැවැත්වීය. ඊට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම හේතුවෙන් එය නිෂ්ප්‍රභ විය. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළකරන බව මාඕ නිං මහත්මිය කියාසිටියාය.

ගැටුම්වල අඛණ්ඩ පැවැත්මට අයුතු ලෙස ඉඩ දීමෙන් තවදුරටත් සිවිල් වැසියන් විශාල පිරිසකට හානි සිදු වනු ඇත. එමෙන්ම වෛරයේ බීජ හටගනු ඇත.ලෝකයේ යුද්ධය හා සාමය, ජීවිතය හා මරණය සම්බන්ධ කරුණු කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරන විශාල රටක් ලෙස ඇමරිකාව සටන් විරාමයක් සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කළ යුතු ව තිබේ. සාමය හා ජීවිතය සමග බැඳී සිටිය යුතු බවද මාඕ නිං මහත්මිය අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම