ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි චීනය ඉල්ලා සිටී
2023-12-11 16:10:54
Share with:

චීනය, ගාසා තීරයේ පවතින සෞඛ්‍ය අර්බුදයට ප්‍රතිචාර දක්වමින් එහි සටන් විරාමයක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.  මෙම ගැටුම අවසන් කිරීම සඳහා වන මූලික පදනම පවතින්නේ ද්විරාජ්‍ය විසඳුම තුළ බව ද චීනය පෙන්වාදෙයි.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන දූත මණ්ඩල ප්‍රධානි Chen Xu මහතා  මේ බව ප්‍රකාශ කළේ, අල්ලාගනු ලැබූ පලස්තීන භූමියේ පවතින සෞඛ්‍ය පහසුකම් තත්ත්වය පිළිබඳව ඊයේ(10) ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය  සංවිධාන කළ විශේෂ සැසියක දීය. 

 ගාසා තීරයේ නව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන චීනය, සංයමයෙන් කටයුතු කර සාමය සඳහා අවස්ථා සලසන ලෙසත්, ජනතාවට සාමය සහ ස්ථාවරත්වය හිමිකර දෙන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද Chen Xu  මහතා මෙහිදී පැවසීය.  

එසේම, පලස්තීන-ඊශ්‍රායල අර්බුදය නිරාකරණය සඳහා පරිපූර්ණ සහ කල්පවත්නා සටන් විරාමයක් වෙනුවෙන් වගකිවයුතු කාර්යභාරයක් ඉටු කරන ලෙස සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවෙන් මෙන්ම විශේෂයෙන් ලොව බලගතු රටවලින් ඉල්ලා සිටින බව ද චීන දූත මණ්ඩල ප්‍රධානියා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම