‘පොලිස් මහජන සහන දිනය’ යළිත්
2023-12-11 16:06:34
Share with:

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කරයි. මේ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වීමට නියමිත ය.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ වෙත මහජනතාව ඉදිරිපත් කර ඇති පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ ඒවා වැඩබලන පොලිස්පතිවරයා වෙත ඍජුවම ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමි වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම