ප්‍රකෝපකාරී හැසිරීම්වලින් වළකින්නැයි චීනය පිලිපීනයෙන් ඉල්ලයි
2023-12-11 18:13:13
Share with:

තම රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලින් වළකින ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද(11) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවාය.

පිලිපීනයේ සැපයුම් ‍නෞකාවක්, රජය සතු නෞකාවක් හා මුහුදු පොලිස් නෞකා දෙකක් ඊයේ  චීන රජයේ අවසරයෙන් තොරව දකුණු චීන මුහුදේ Ren'ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට ඇතුළු වී තිබේ. එම නෞකා, අදාළ සමුදුරු කලාපයේ නීතිවිරෝධීව රඳවා ඇති පිලිපීන යුද නෞකාව වෙත ඉදිකිරීම් භාණ්ඩ සැපයීමට උත්සාහ කර ඇත. ඒ අතරතුර චීන මුහුදු පොලිස් නෞකාවේ අනතුරු ඇඟවීම් නොතකා පිලිපීන නෞකා අනතුරුදායක ලෙස චීන නෞකාවේ ගැටීමට ද ප්‍රයත්න දරා ඇත. 

පිලිපීනයේ එවන් ක්‍රියා චීනයේ ස්වාධිපත්‍යය දැඩි ලෙස උල්ලංඝනය කරන අතර, එමගින් චීන නෞකාවල සහ චීන ජනතා ආරක්ෂාවට හානි සිදු ව ඇතැයි මාඕ නිං මහත්මිය පෙන්වා දෙයි.

චීන මුහුදු පොලීසිය දේශීය හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව පිලිපීන නෞකා පිළිබඳව අනිවාර්ය පියවර ගත් අතර එය වෘත්තීයමය මෙන්ම සංයමයෙන් යුතු ප්‍රතිචාරයක් බව ඇය විග්‍රහ කළාය. චීන විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳව පිලිපීන පාර්ශ්වයට දැඩි විරෝධය පළ කර ඇතැයි ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම