ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම පලස්තීන අධිකාරිය හා හමාස් සංවිධානය හෙළා දකී
2023-12-10 17:34:21
Share with:

කඩිනම් සටන් විරාමයක් වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම පලස්තීන අධිකාරිය හා හමාස් සංවිධානය හෙළා දකී. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා සඳහන් කළේ ඇමරිකාවේ ස්ථාවරය ප්‍රකෝපකාරී මෙන්ම සදාචාරාත්මක නොවන බවයි. එය ජාත්‍යන්තර මානුෂීය වටිනාකම් හා මූලධර්මයන්  නිර්ලජ්ජිත ලෙස උල්ලඝනය කිරීමකි.

එමෙන්ම සාධාරණත්වය ,සාමය හා මානව ආචාර ධර්මයන් වෙනුවෙන් පෙනී සිටිමින් එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවලට හෙතෙම ස්තුතිය පළ කළේය .නිවේදනයක් නිකුත් කළ පලස්තීන ජනාධිපතිවරයා ඇමරිකාවේ ක්‍රියාව ඊශ්‍රායලය  පලස්තීනුවන්ට එරෙහිව ගාසා තීරයේ,බ‍ටහිර ඉවුරේ හා ජෙරුසලමේ සිදු කරන යුධ අපරාධයන්ට සහායවීමක් බව පැවසීය.

පලස්තීන අගමැතිවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම ඝාතනයන්ට,විනාශයන්ට හා අවතැන් කිරීමට ලබා දුන් නව බලපත්‍රයක් ලෙසට චෝදනා කළේය.

මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට දේශපාලන සහ හමුදා  සහයෝගය  ලබාදීම හරහා පලස්තීන ජනතාව ඝාතනය කිරීමේ හවුල්කරුවෙකු ලෙසට ඇමරිකාව හඳුන්වා දී තිබේ.ගාසා තීරයේ සමූල ඝාතනයන් නතර කිරීම‍ට වඩාත් බරපතල හා සංයුක්ත පියවර ගන්නා ලෙසට ද එම සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම