6 වන චීන-අරාබි රටවල ගුවන්විදුලි සහ රූපවාහිනී සහයෝගිතා සංසදය Hangzhou හිදී
2023-12-10 16:53:34
Share with:

6වැනි චීන-අරාබි රටවල ගුවන්විදුලි සහ රූපවාහිනී සහයෝගිතා සංසදය අද(10) චීනයේ Zhejiang පළාත් Hangzhou නගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා, වීඩියෝ ආධාරයෙන් ආරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

"චීන-අරාබි මිත්‍රත්වය උරුම කරමින්, ශ්‍රව්‍ය දෘශ්‍ය සංවර්ධනය බෙදා ගැනීම" මෙම සංසදයේ තේමාවයි. චීන ජාතික ගුවන්විදුලි හා රූපවාහිනි පරිපාලනය, චීන Zhejiang පළාත් මහජන රජය, අරාබි රාජ්‍ය සංගම් ලේකම් කාර්යාලය සහ අරාබි විකාශන සංගමය, මෙම සංසදයේ සම-සත්කාරකත්වය දරයි. චීනයේ සහ අරාබි රටවල් 15ක ගුවන් විදුලි හා රූපවාහිනී ආයතන, මාධ්‍ය සංවිධාන හා ශ්‍රව්‍ය දෘශ්‍ය සමාගම් මෙන්ම, අරාබි ලීගයේ සහ අරාබි විකාශන සංගමයේ නියෝජිතයෝ 300කට අධික පිරිසක් ඊට එක් වූහ. සංසදය‍ට, සහභාගී වූ නියෝජිතයෝ 6 වන චීන-අරාබි රාජ්‍ය විකාශන සහ රූපවාහිනී සහයෝගිතා සංසදයේ ප්‍රකාශය ඒකාබද්ධව සම්මත කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම