දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ
2023-12-10 16:41:38
Share with:

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

දිවයින පුරා විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ(9) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.

බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබිණ

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම