අනවසරයෙන් දකුණු චීන මුහුදු ප්‍රදේශයට ප්‍රවේශ වූ පිලිපීන නාවික යාත්‍රා පාලනය කෙරේ
2023-12-10 16:44:20
Share with:

චීන රජයේ අවසර රහිතව පිලපීනයේ වෙරළාරක්ෂක නෞකා 2ක්, නිල නෞකාවක් සහ සැපයුම් නෞකාවක් අද(10) නීතිවිරෝධිව දකුණු චීන මුහුදේ Ren'ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට ඇතුල් විය. චීන වෙරළාක්ෂක කණ්ඩායම නීත්‍යනුකූලව එම නැව් සම්බන්ධයෙන් පාලන පියවර ගෙන තිබේ. පිලිපීනයේ Unaza May 1 නෞකාව චීනයේ අනතුරු ඇඟවීම් නොතකා ගැටුම් වැළැක්වීමේ ජාත්‍යන්තර මුහුදු රෙගුලාසීන්ට පටහැනිව එමෙන්ම වෘත්තීය නොවන අයුරෙන් අනතුරුදායක ආකාරයෙන් යාත්‍රා කිරීමේ දිශාව වෙනස් කර සාමාන්‍ය යාත්‍රාකරනයේ යෙදී සිටි 21556 නමැති චීන වෙරළාක්ෂක නැව හා හිතාමතාම ගැටීමක් සිදු කර තිබේ. එම සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව චීනය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම