“ඩිජිටල් යුගයේ මානව හිමිකම් ආරක්ෂණය”මැයෙන් ශාස්ත්‍රීය වැඩමුළුවක්
2023-12-10 20:05:27
Share with:

 

“ඩිජිටල් යුගයේ මානව හිමිකම් ආරක්ෂණය”මැයෙන් ශාස්ත්‍රීය වැඩමුළුවක් පැවැත්වේ.අද (10) චීනයේ චියං සු පළාතේ නැන් ජිං අගනුවර පැවති එම ශාස්ත්‍රීය වැඩමුළුව, ලෝක මානව හිමිකම් දිනය සැමරීම සඳහා චීන අග්නිදිග විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පර්යේෂණ ආයතනය සංවිධාන කළ ක්‍රියාකාරකමකි. චීන මානව හිමිකම් පර්යේෂණ සංගමයේ උපදෙස් යටතේ පැවති මෙම වැඩමුළුවට චීනයේ විශ්වවිද්‍යාල හා විද්‍යා පර්යේෂණ ආයතනවල විද්වත්හු හා විශේෂඥයෝ 100කට වැඩි පිරිසක් එක් වූහ.

  චීනය ජාත්‍යන්තර වශයෙන් ‍පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ‍ගොඩ නැගීමේ සංකල්පය ඉදිරිපත් කර ඇත. දේශීය වශයෙන් චීනය සියලු ජන කොට්ඨාශවල පොදු සශ්‍රීක්තවය ඉදිරියට ගෙන යමින් සිටී. එබැවින් ඩිජිටල් යුගයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී එය චීන ලක්ෂණවලින් යුත් නවීකරණයට මැනවින් ගලපා ගත යුතු බව එහිදී එම විද්වතුන් හා විශේෂඥයන් පෙන්වා දී තිබේ. ඩිජිටල් යුගයේ මානව හිමිකම් ආරක්ෂා කළ හැක්කේ විවිධාකාරයෙනි. එය කුමන ආකාරයක් වුවද මනුෂ්‍යත්වයට මුල් තැන දිය යුතු ය. ඩිජිටල් යුගයේ මානව හිමිකම් ආරක්ෂාව තහවුරු කිරීමට නම් ඩිජිටල් දත්ත පිළිබඳ නීති සම්පාදනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද වැඩමුළුවේදී අවධාරණය කෙරිණ. ඒ අනුව ඩිජිටල් දත්ත නිෂ්පාදකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඩිජිටල් දත්ත ආරක්ෂාව තහවුරු කළ යුතු බව එම විද්වතුන් හා විශේෂඥයන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම