චීන වෙරළාරක්ෂක බලකාය රටේ ස්වෛරීත්වය හා සාගර අයිති වාසිකම් දැඩි ලෙස සුරකිනු ඇති බව අවධාරණය කෙරේ
2023-12-10 18:51:33
Share with:

චීනයේ අනතුරු ඇඟවීම් නොතකා අද(10) පිලිපීනය වෙරළාරක්ෂක නෞකා 2ක්, නිල නෞකාවක් සහ සැපයුම් නෞකාවක් යොමු කරමින් නීති විරෝධීව දකුණු චීන මුහුදේ Ren'ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට ඇතුල් වූ බව චීන වෙරළාක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Gan Yu මහතා පැවසීය.

පිලිපීන නෞකා සම්බන්ධයෙන් චීන වෙරළාක්ෂක බලකාය සාධාරණ, වෘත්තීය මෙන්ම නීත්‍යනුකූල ආකාරයෙන් පාලන පියවර ගෙන තිබේ. පිලිපීන නෞකාව චීන වෙරළාක්ෂක නෞකාව සමග ගැටීම පිලිපීනය විසින් හිතාමතාමව සිදු කර තිබේ. එහි වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව Gan Yu මහතා කීය. එම ක්‍රියාවන් නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. Ren'ai ගල්පර ඇතුළු දකුණු චීන මුහුදේ දූපත් හා ආසන්න මුහුදු ප්‍රදේශයේ චීනයේ ස්වෛරීත්වය ස්ථිරය. චීනයට අයත් මුහුදු ප්‍රදේශයේ අඛණ්ඩව සිය අයිතිය ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් චීන වෙරළාරක්ෂක බලකාය රටේ ස්වෛරීත්වය හා සාගර අයිති වාසිකම් දැඩි ලෙස රැක ගනු ඇති බව Gan Yu මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම