සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක්
2023-12-09 16:32:10
Share with:

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කරයි.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතී. මේ පනත් කෙටුම්පතට ඉදිරියේදී මහජනතාවගෙන්ද අදහස් ගැනීමට නියමිතය.

ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍යය තහවුරු කරගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම