මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක්
2023-12-09 16:19:33
Share with:

මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය ලබා දී තිබේ. වසර 2022දී හ‍ටගත් ආර්ථික අර්බුදයෙන් මිදී, යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති මෙරට ආර්ථිකයේ සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සහිත උපායමාර්ගික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ණය පහසුකම් ලබා දී ඇත.

ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සහාය වීමක් ලෙස ‍මෙම මුදල ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ටකෆුමී කඩෝතෝ මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම