ගාසා තීර‍යේ හදිසි සටන් විරාමයක් වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කරයි
2023-12-09 16:24:20
Share with:

ගාසා තීර‍යේ හදිසි සටන් විරාමයක්  ප්‍රකාශයට පත් කරන ලෙසට පවසමින් එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කරයි.අදාළ කෙටුම්පත එක්සත් ආරාබි එමීර් රාජ්‍යය විසින් සකස් කෙරුණු අතර රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් ඊට සහාය පළ කළේය.කෙටුම්පතට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් 15 දෙනා අතරින් 13 දෙනෙකුගේම සහාය පළවිය. බ්‍රිතාන්‍ය ඊට සහභාගී නොවීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වන වගන්තිය ප්‍රකාරව සටන් විරාමයක් කැඳවන ලෙසට මහ ලේකම් ගුටේරස් මහතා එම සංවිධානයේ  ප්‍රබලතම සමූහයෙන් ඉල්ලීමක් කළේය. 99 වන වගන්තියට අනුව  ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙනයාමට තර්ජනයක් වී ඇතැයි මහ ලේකම්වරයා සිතන අවස්ථාවක එය ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කළ හැකිය.ඒ අනුව ඉදිරිපත් වූ යෝජනාවෙන් හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම් වහාම නගර කර ඊශ්‍රායල හා පලස්තීන වැසියන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා කළ යුතු බව අවධාරණය කෙරිණ. කොන්දේසි විරහිතව වහාම සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට ද එහි සඳහන් විය .

එක්සත් ජාතීන්ගේ පලස්තීන තානාපතිවරයා එම යෝජනාවේ ඡන්ද ප්‍රතිඵලය පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ එය ඛේදවාචකයක් බවයි. මිලියන ගණනක පලස්තීන වැසියන්ගේ ජීවිත මරණයේ එළිපත්තේ පවතින බවද හෙතෙම පැවසීය.ඡන්ද විමසීමෙන් පසු අදහස් දැක්වූ එක්සත් ජාතීන‍්ගේ  ඇමරිකා නියෝජ්‍ය ස්ථාවර නියෝජිතයා පැවසුවේ එම යෝජනාව හදිසියේ ඉදිරිපත් කර ඇති අතර එය යථාර්තවාදී ද නොවන බවයි.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම