ගාසා තීරයේ මානුෂවාදී තත්ත්වය ඉතා දරුණු අතට
2023-12-09 17:11:09
Share with:

ගාසා තීරයේ මානුෂවාදී තත්ත්වය ඉතා දරුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ(8) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier  මහතා මේ බව ප්‍රකාශ කළේය.ගාසා තීරයේ මානුෂවාදී තත්ත්වය  සිතාගත‍ නොහැකි තරමට දරුණු බව හෙතෙම සඳහන් කර ඇත. එහි සැපයුම් හැකියාව එහි රැදිඳී සිටි ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවේ. උණුසුම්කරණය හා ආහාර පිසීම සඳහා දැව මගිව් සාදා ඇති විදුලි කණු කැපීම සිදු කෙරෙන අතර ජනතාව පානීය ජලය ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නව සංඛ්‍යාලේඛනයන්ට අනුව, දැනට සමස්ත ගාසා තීරයේ රෝහල් 14 පමණක් ක්‍රියාත්මක වෙයි.එහෙත් එහි වෛද්‍ය සේවා මණ්ඩලයට අඛණ්ඩව සේවය කිරීම සඳහා ප්‍රමාණවත් ආහාර හා පානීය ජලය නොමැත. එමෙන්ම, ගැටුම් හේතුවෙන් සහනාධාර භාණ්ඩ ගාසා තීරයට පිවිසීමට බාධාවී ඇති අතර ඉන් ගාසා තීරයේ මානුෂවාදී අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම