ජනාධිපතිරවරණයට තමන් තරඟ කරන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි
2023-12-09 16:31:37
Share with:

මීළඟ වසරේ පැවැත්වෙන ජනාධිපතිරවරණයට තමන් තරඟ කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පවසයි.රුසියානු  විශේෂ හමුදා මෙහෙයුම් සාමාජිකයන් සහ පුටින් මහතා අතර පැවති  නිල ‍නොවන සංවාදයකින් පසු ඒ බව නිවේදනය කෙරිණ. තමාට සැඟවීමට අවශ්‍ය නොමැති බවත් විවිධ අවස්ථාවල විවිධ සිතුවිලි පැවති බවත් සදහන් කළ හෙතෙම තීරණය ගැනීමට දැන් කාලය එළඹ ඇති බව කීය. ඒ අනුව ජනාධිපතිරවරණයට ව්ලැඩ්මීර් පුටින් මහතා තරඟ කරන බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබේ.

ලබන වසරේ මාර්තු 17 වෙනිදා රුසියා ජනාධිපතිවරණය පැවැත්වීමට එරට පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය  ක‍ර ඇත.

 

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම