ගෝලීය වේදිකාවේ චීනය ඉහළ භූමිකාවක් ඉටු කරන බව ඔස්ට්‍රියාවේ හිටපු අග්‍රාමාත්‍ය Wolfgang Schüssel මහතා පවසයි
2023-12-09 19:24:18
Share with:

පසුගිය දා පැවති “චීනය අවබෝධ කරගැනීමේ 2023 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය"ට එක්වීම සඳහා  ඔස්ට්‍රියාවේ හිටපු අග්‍රාමාත්‍ය Wolfgang Schüssel මහතා චීනයට පැමිණි‍යේ ය. එම සම්මන්ත්‍රණයට එක්ව සිටි කාලයේ චීන මාධ්‍ය සමූහය Wolfgang Schüssel මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

Wolfgang Schüssel මහතා චීනයට ප්‍රථමයෙන් පැමිණියේ මීට වසර 40කට පමණ පෙර ය.එතැන් සිට මේ දක්වා හෙතෙම චීනයට බොහෝ වර පැමිණ ඇත. එදා මෙදා තුර චීනයේ සිදු වූ විපර්යාස තමන් සියැසින් දුටු බවත්, චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ ඉහළින් අගයන බවත් , Wolfgang Schüssel මහතා සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ ය. නවීකරණ රටක් බවට පත්ව සිටින චීනය දිශාවන් දෙකක් දෙසට ගමන් කරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි. එක් අතකින් චීනය රට තුළ ඒකීයකරණ වෙළඳපොලක් ගොඩ නගමින් දේශීය වෙළඳපොල වඩාත් පුළුල් කරමින් සිටී. අනෙක් අතට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධන රටාවකට චීනය අවතීර්ණ වෙමින් වඩාත් ඉහළ ගුණයෙන් යුත් නිෂ්පාදිත නිර්මාණය කරමින් සිටී. එමෙන් ම ගෝලීය වේදිකාවේදී චීනය දිනෙන් දින වැදගත් භූමිකාවක් ඉටු කරන බව Wolfgang Schüssel මහතා පවසයි. චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉතා අර්ථවත් හා වැදගත් බව හෙතෙම කියා සිටී.

චීනය මෙන් ම ඔස්ට්‍රියාව ද බහුපාර්ශ්වවාදයට අනුබල දෙන බව පවසමින්, Wolfgang Schüssel මහතා පෙන්වා දෙන්නේ බහුධ්‍රැවීය ලෝකයකට ශක්තිමත් ගෝලීය ආයතන අවශ්‍ය වන බවයි. යුරෝපය හා චීනය පොදුවේ මුහුණ දී සිටින අභියෝග පිළිබඳව ද හෙතෙම අදහස් පළ කළේය. වසංගත පාලනය, ත්‍රස්ත මර්දනය, අන්තර්ජාල ආරක්ෂාව සුරැකීම, කලාපීය ගැටුම් සමනය කිරීම, අවි තරගය , උද්මනය හා ඉහළ පොලි අනුපාත පාලනය කිරීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් යුරෝපය හා චීනය අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු ය. එමෙන් ම හරිත පරිසර සංරක්ෂණය හා ශීතකාලීන ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය, සංස්කෘතිය, ජල පිරිපහදුව හා කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවල ඔස්ට්‍රියාව හා චීනය අතර විශාල සහයෝගිතා අවකාශයක් පවතින බව ද Wolfgang Schüssel මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම