නොබැඳි ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාව සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බව විදේශ ඇමති කියයි
2023-12-09 16:28:35
Share with:

ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශාවකට ගෙන යාමට හැකිවී  ඇතැයි විදේශ ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් හේතුවෙන් ඇතැම් විදෙස් රටවල් සමඟ  සම්බන්ධතා පළුදුවූ බව පැවසූ විදේශ ඇමතිවරයා ජනාධිපතිවරයා ගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශාවකට ගෙන යාමට හැකිවී ඇති බව පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම