චීනය පිළිබඳ යුරෝපයේ නිසි අවබෝධය දෙපාර්ශ්වයේ සබඳතාව තවදුරටත් වැඩිදියුණු වීමට හිතකර වේ
2023-12-08 11:41:21
Share with:

ඊයේ(07) චීන-යුරෝපා සංගමේ 24වැනි නායක හමුව බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුවට එක්වීම සඳහා චීනයට පැමිණි සිටින යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය හමුවිය. එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළේ දෙපාර්ශ්වය පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නිසියාකාරයෙන් පැවැත්විය යුතු අතර, දෙපාර්ශ්වයේ සබඳතාව ප්‍රශස්ත අයුරින් වර්ධනය කළ යුතු බවයි. යුරෝපා සංගමයේ එම නායක දෙපළ පැවසුවේ යුරෝපා සංගමය චීනය සමග විසංයෝජනය අපේක්ෂා නොකරන බවයි. චීන ආර්ථිකයේ දිගුකාලීන හා ස්ථාවර වර්ධනය යුරෝපයේ ප්‍රතිලාභවලට හිතකර බවද ඔවුන්ගේ අදහස වී තිබේ. චීනය හා යුරෝපා සංගමය අතර සංවාද හා සහයෝගිතා ඔස්සේ අභියෝගයන්ට මුහුණ දීමේ සක්‍රීය සංඥා එහි පිළිබිඹුවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම වසරේ චීනය හා යුරෝපා සංගමය සමග පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 20වැනි සංවත්සරය සනිටුහන් කරයි. චීනයේ හා යුරෝපා සංගමයේ නායකයන් හමුවීමේ ක්‍රමවේදය පිහිටුවීමේ 25වැනි සංවත්සරය වන්නේ ද මෙම වසරයි. ගතවූ වසර 20 තුළ, චීනය, යුරෝපා සංගමය ලෝකයේ වැදගත් බලවේගයක් ලෙස සලකමින් යුරෝපා සංගම් ඒකීයකරණ ක්‍රියාදාමයට ද ස්ථිර ලෙස සහය දක්වා ඇත. මීට සාපේක්ෂව, යුරෝපා සංගමය වරින් වර චීනය පිළිබඳ අස්ථිර ප්‍රතිපත්තියක පවතින බව දක්නට ලැබේ. විශේෂයෙන් ම මෑත වසර කිහිපය තුළ, උපායමාර්ගික මට්ටමෙන් යුරෝපා සංගමය, චීනය සිය ‘හවුල්කරුවෙකු’, ‘තරගකරුවකු’ මෙන් ම ‘ආයතනික විරුද්ධවාදියෙකු’ ලෙසට සලකයි. එම භූමිකාවන් 3 පරස්පර විරෝධී වන අතර, යුරෝපා සංගමයට චීනයට එරෙහිව පීඩා කරන ඇමරිකාවේ ප්‍රතිපත්තියන්හි බලපෑම් එල්ල වී ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස ය.

චීනයට සැලකිය යුතු ආකාරය කුමක් ද? මෙහි පිළිතුර වසර 20ට පෙර එළඹි ‘පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයෙන්’ පිළිබිඹු කෙරේ. මෙවර චීන ජනාධිපතිවරයා යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය හමුවූ අවස්ථාවේදී යළි අවධාරණය කළේ දෙපාර්ශ්වයේ ක්‍රමවේදය වෙනස් වීම එකිනොකාට සිය ප්‍රතිවාදියා ලෙස සැලකීමට හේතුවක් නොවිය යුතු බවයි. තරගකාරීත්වය තිබුණ ද සහයෝගිතා අඩු කළ නොහැකි ය. මතභේද පැවතියද විරුද්ධවීම් ඇති නොකළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඔහුගේ මෙවැනි මතවාද චීනය හා යුරෝපා සංගමය අතර පවතින සබඳතාවේ බාධා මගහැරීමටත් සහයෝගිතා පැවැත්වීමටත් ගාමක වැදගත්කමක් ඇති බව නම් නිසැකයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම