ඇමරිකානු අපනයන පාලන අපයෝජනයට, අන්‍යෝන්‍ය ආයෝජන සීමා කිරීම්වලට චීනයේ විරුද්ධත්වය
2023-12-08 10:16:56
Share with:

චීනයට එරෙහි අපනයන පාලනය අනිසි ලෙස භාවිත කිරීමට සහ අන්‍යෝන්‍ය ආයෝජන සීමා කිරීමට ඇමරිකාව ගෙන යන පියවරවලට චීනය දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරයි. 

අර්ධ සන්නායක සහ අති නවීන තාක්‍ෂණ සඳහා චීනයට ප්‍රවේශය සීමා කරන ලෙස ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මෑතකදී ඉල්ලා තිබේ. එම ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය විමසුමකට ප්‍රතිචාර වශයෙන් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා ඊයේ(7) මේ බව පැවසීය.

චීන-ඇමරිකානු සබඳතාවයේ තරඟකාරී අංශ වගකීමෙන් කළමනාකරණය කිරීමට රාජ්‍ය නායකයින් දෙදෙනා එකඟ වී ඇති බව සඳහන් කළ ඔහු, අදාළ ඇමරිකානු දෙපාර්තමේන්තු චීනය සමඟ එක්ව කටයුතු කර සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා පළ කළේය.

ඇමරිකානු පාර්ශ්වයේ පාලන සහ සීමා කිරීමේ පියවර ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය සාමාන්‍යකරණය කිරීමක් බව චීනය නැවත නැවතත් පෙන්වා දී ඇත. මෙම පියවරයන් වෙළඳපල නීතිරීති සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පර්යාය අඩපණ කරන අතර ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට තර්ජනයක් වනු ඇතැයි ඔහු පැවසීය.

එවැනි ක්‍රියාමාර්ග තුළින් චීනයේ සංවර්ධනය නතර කළ නොහැකි අතර චීන වෙළඳපල අහිමි කර ගැනීමෙන් ඇමරිකානු සමාගම්වල අවශ්‍යතාවලට හානි සිදුවනු ඇතැයි ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම