8වැනි ලන්කාන්ග්-මෙකොං සහයෝගිතා විදේශ අමාත්‍ය සමුළුව බෙයිජිං හිදී පැවැත්වේ
2023-12-08 18:31:35
Share with:

8වැනි ලන්කාන්ග්-මෙකොං සහයෝගිතා විදේශ අමාත්‍ය සමුළුව ඊයේ(7) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා, මියන්මාර නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමති U Than Swe මහතා සමඟ, මෙම සමුළුවේ සම සත්කාරත්වය දැරීය. කාම්බෝජ නියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමතිවරයා, තායිලන්තනියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමතිවරයා, වියට්නාම විදේශ ඇමතිවරයා සහ ලාඕස පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා, ඊට එක් වූහ.

වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, සාමය සහ සෞභාග්‍යය සඳහා නැඹුරු වූ පොදු ඉරණමක් සහිත ලන්කාන්ග්-මෙකොං රටවල ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට, චීනය මෙකොං රටවල් සමඟ අධිෂ්ඨානශීලීව කටයුතු කරනු ඇති බවයි. ලන්කාන්ග්-මෙකොං සහයෝගිතාව මීළඟ අදියරේදී දිශාවන් හයක් වෙත ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු එහිදී යෝජනා කළේ ය. ඒ, වඩාත් සමීප පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීම, වඩාත් අන්තර් සම්බන්ධිත ආර්ථික සංවර්ධන තීරයක් නිර්මාණය කිරීම, වඩාත් ආරක්ෂිත සංවර්ධන පරිසරයක් නිර්මාණය කිරීම, වඩාත් ඩිජිටල් අනාගතයක් දෙසට ගමන් කිරීම, මානව හුවමාරු සහ සංස්කෘතික සහයෝගීතාව ගැඹුරු කිරීම, වඩාත් ඉවසිලිවන්ත සහයෝගික සංකල්පයක් ප්‍රවර්ධනය කිරීමය.

ලන්කාන්ග්-මෙකොං සහයෝගීතාවයේ අත්පත් කර ගත් ධනාත්මක ප්‍රගතිය පිළිබඳව ඒ ඒ රටවල විදේශ ඇමතිවරු ඉහළින් අගය කළහ. ලන්කාන්ග්-මෙකොං සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ ධනාත්මක දායකත්වයට සියලු පාර්ශ්ව ප්‍රශංසා පළ කරන අතර, මීළඟ අදියරේ කාර්ය දිශාව පිළිබඳ චීනයේ යෝජනාවලට ඔවුහු එකඟ වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම