රටේ ආර්ථික සංවර්ධනයේ දී දේශපාලන පක්ෂ හා නිර්පක්ෂිකයන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා බව චීන ජනපති කියයි
2023-12-08 19:11:49
Share with:

ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අදහස්  විමසීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සෙසු දේශපාලන පක්ෂ සාමාජිකයන් හා නිර්පක්ෂිකයන් සමග සමුළුවක් පවත්වයි.ඉකුත් 6වැනි දා බෙයිජිං හිදී එම සමුළුව පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මුලසුන දැරූ එම සමුළුවට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ ද එක්වූහ.

එහිදී චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා මේ වසරේ රටේ ආර්ථික කටයුතු පිළිබඳ විස්තර කළ අතර ලබන වසරේ ආර්ථික කටයුතු පිළිබඳ සැලැසුම් ද පහදා දුන්නේ ය. සමුළුවට එක්වූ සෙසු දේශපාලන පක්ෂ සාමාජිකයන් හා නිර්පක්ෂිකයන් රැසක් රජයේ ආර්ථික පරිපාලනය හා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දේශනයක් පැවැත්වීය. මේ වසරේ විවිධ දේශපාලන පක්ෂ සහ නිර්පාක්ෂිකයන් මධ්‍යම රජය නියම කළ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විවිධ පර්යේෂණ වාර්තා, අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ. එය මධ්‍යම රජය ආර්ථික සංවර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වැදගත් උපදෙස් වී ඇති බවත්, එවන් සහයෝගයට තමන් මධ්‍යම රජය වෙනුවෙන් ස්තුතිය පිරිනමන බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කළේය. මෙවර සමුළුවේදී විවිධ දේශපාලන පක්ෂ හා නිර්පක්ෂිකයන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනු ඇතැයි ද හෙතෙම පවසයි. ඉදිරියේදී රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මධ්‍යම රජය එම පක්ෂවලින් හා නිර්පක්ෂිකයන්ගෙන් වඩාත් වැඩි සහයෝගයක් බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම