ෂැංහයි නිදහස් වෙළඳ කලාපයේ ඉහළ මට්ට‍මේ ආයතනික විවෘතභාවය ප්‍රවර්ධනය සඳහා පරිපූර්ණ සැලැස්මක්
2023-12-08 18:36:38
Share with:

ෂැංහයි නිදහස් වෙළඳ කලාපයේ ඉහළ මට්ට‍මේ ආයතනික විවෘතභාවය ප්‍රවර්ධනය සඳහා චීන රාජ්‍ය මණ්ඩලය පරිපූර්ණ සැලැස්මක් නිකුත් කරයි. ඉහළ ප්‍රමිතියන් යුත් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි සමග ගැලපීමද ඊට අයත්ය. එම නිදහස් වෙළඳ කලාපය ජාත්‍යන්තර ඉහළ ආර්ථීක හා වෙළඳ රෙගුලාසි මත රැ‍ඳෙමින් ආයතනික විවෘතභාවය සඳහා ජාතික ආදර්ශ කලාපයක් බවට පත්වනු ඇත. ක්ෂේත්‍ර 7ක් ආවරණය කරමින් සමස්ත ක්‍රියාමාර්ග 80ක් මගින් භාණ්ඩ  හා සේවා වෙළඳාමේ වර්ධනය ,ඩිජිටල් වෙළඳාම ප්‍රවර්ධනය ,බුද්ධිමය දේපල අයිතීන් සුරැකීම ඇතුළු අංශයන් වෙත පහසුකම් සැලසීම ඊට අයත්වෙයි. මූල්‍ය හා විදුලි සංදේශ ක්ෂේත්‍රය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල නිදහස් වෙළඳ කලාපයේ සේවා වෙළඳාමේ විවෘතභාවය වේගවත් කිරීමට ක්‍රියා කෙරේ. අන්තර් දේශසීමා අයෝජන හා මූල්‍යකරණය පහසු කිරීම,බහුජාතික පාර්ශ්වයන්ට ප්‍රාග්ධන කළමණාකාර මධ්‍යස්ථාන චීනයේ පිහිටුවීම සහ විදුලි සංදේශ අංශයේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම එම සැලැස්මට අයත‍් ‍වෙයි.භාණ්ඩ වෙළඳාම පිළිබඳ සැලකීමේ දී වෛද්‍ය උපකරණ සහ වයින් වැනි විශේෂ නිශ්පාදන සදහා ආනයන කළමණාකරණය ඉහළ නැංවීම ද එම සැලැස්මට අයත්වෙයි. ‍එම භාණ්ඩවල නිරෝධායන කටයුතු වඩාත් සරල කිරීම ද අන්තර්ගතය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම