ජෝ බයිඩ්න්ට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනයට ජන්ද විමසීමේ සූදානමක්
2023-12-08 10:35:34
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් වේ. 

ඊයේ(7) ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එම තීරණයට අනුව, එළඹෙන සතිය තුළ ජනාධිපති ජෝ බයිඩන් ට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පූර්ණ ඡන්ද විමසීමක් පවත්වනු ඇත. 

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කථානායක, රිපබ්ලිකන් පක්ෂයේ සාමාජික Kevin Owen McCarthy, පසුගිය සැප්තැම්බර් මස 12 වනදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජනාධිපති ජෝ බයිඩන් කෙරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනයක් ආරම්භ කරන ලෙස තමා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අදාළ කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන Robert Hunter Biden හා සම්බන්ධ විදේශ වෙළඳ හුවමාරු පිළිබඳ විමර්ශනයේ දී ජනාධිපතිවරයාගේ “ බලය අයුතු ලෙස භාවිත කිරීම,  යුක්තියට බාධා කිරීම හා දූෂණය ” යන ක්‍රියා හේතුවෙන් චෝදනා එල්ල වන බවද හෙතෙම සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම