චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක්
2023-12-08 17:05:37
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමක් පවත්වයි. 2024 වසරේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කිරීම, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ හා ජාතික අධීක්ෂණ කොමිසමේ කාර්ය වාර්තාව විමසීම, 2024 වසරේ අක්‍රමිකාතාවලින් තොර රාජ්‍ය පරිපාලනය හා දූෂණ විරෝධී කටයුතු සැකසීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය රෙගුලාසි විමර්ශනය කිරීම හා සාකච්ඡා කිරීම ඇතුළු කාර්යයන් අද (8) පැවති එම සමුළුවේදී අවධානයට ලක්ව තිබේ.

මෙම වසරේ චීන ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් යහපත් ලෙස වර්ධනය වී ඇති බව එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණ. සමාජවාදී නවීකරණ රටක් පූර්ණව ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රායෝගික ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිව තිබේ. ලබන වසරේ ආර්ථික කටයුතු යහපත් කිරීම වෙනුවෙන් ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය මග පෙන්වීමක් ලෙසට සලකමින් අධි ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිසංස්කරණ හා විවෘත භාවය පූර්ණව ගැඹුරු කිරීම සිදු කළ යුතු බව එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණික ස්වාධීන වර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාර්ව ආර්ථික පාලනය ශක්තිමත් කිරීම, සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්ති හා ස්ථීර මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගිකව ජන ජීවිතය තහවුරු කිරීම හා යහපත් කිරීම සිදු කළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කර ගන්නා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දැඩි නායකත්වය යටතේ අක්‍රමිකාතාවලින් තොර රාජ්‍ය පරිපාලනය හා දූෂණ විරෝධී කටයුතු නව ප්‍රගති ලබා ගෙන තිබේ. පූර්ණව පක්ෂය විධිමත් ලෙස පාලනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවටද එම සමුළුවේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම