සමස්ත ලෝක සමෘද්ධිය වෙනුවෙන් චීනය මෙම වසර තුළ ඉටුකරන ලද විශිෂ්ට මෙහෙය ප්‍රශංසනීයයි
2023-12-08 11:13:58
Share with:

අවසන් වෙමින් පවතින 2023 වසර දෙස ආපසු හැරී බැලීමේ දී ගෝලීය ආර්ථික ප්‍රකෘතියට හා ගෝලීය සබඳතාවය යළි ස්ථාපිත කිරීමට චීනය වැදගත් දායකත්වයක් සපයා ඇතැයි ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා පැවසීය. 

වසර ආරම්භයේ දී චීනයේ සංවර්ධනය ලෝකයට යහපතක් ගෙන දුන් අතර එම සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි බවත් සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන ධජය ඔසවමින් චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කර විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමට දායක වන බවටත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රතිඥා ‍දෙමින් ප්‍රකාශ කළේය. එය යතාර්ථයක් බවට පත් කරමින් එක් තීරයක් එක් මාවතක් දස වන සැමරුමේදී සංවර්ධන ගමන් මග තහවුරු කිරීමේ අවස්ථාව තවත් රටවල් කීපයකට ලබා දෙමින් දොරටු විවර කිරීමට චීනය කටයුතු කර තිබේ. ලොව ආර්ථික පුනරුදයට, පරිසර සංරක්ෂණයට සහ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් පිළිබඳව ඇතුළු එහි දී දීර්ඝ ලෙස කරන ලද සාකච්ඡා ඉතා වැදගත් විය. කලාපීය හා අනෙකුත් රටවල යටිතල පහසුකම් සංවර්ධනයට, සංස්කෘතික හා ශිෂ්ඨාචාර හුවමාරුවට චීනය විසින් වසර දහයක් පුරා කරන ලද මෙහෙය එම තුන් වන නායක සංසදයේ දී තව දුරටත් තහවුරු කෙරුණ බව ද ප්‍රදීප් සේතුංග මහතා කියා සිටී.

2023 වසර ලෝක යුද තත්ත්වයේ අනිසි විපාක සමස්ත ජනතාවට භුක්ති විඳීමට ලැබුණ වසරකි. යුක්රේන රුසියා අර්බුදය මෙන්ම පලස්තීන ඊශ්‍රායල් යුද්ධය ද පාලනය කිරීමට හා ලෝක සාමය ස්ථාපිත කිරීමට චීනය විසින් දරන ලද ප්‍රයත්නයන් ඉතා සාධනීය බව මෙහි දී සිහිපත් කළ යුතුය. එමෙන්ම ජපාන න්‍යෂ්ටික අපජලය මුහුදට හෙළීමේ ව්‍යාපෘතියට එරෙහිව චීනය විසින් ප්‍රබල මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර එය සමස්ත ලෝ වැසියන්ගේ යහපත වෙනුවෙන් දරන ලද මනා උත්සාහයක් ලෙස අගය කරන බව ද සේතුංග මහතා සඳහන් කළේය.

වසර අවසානයේ ලොව අවධානයට නතු වූ ප්‍රධානම හා ලෝකයට අත්‍යවශ්‍යම සබඳතාව ගොඩනැඟීමට චීනය ඉදිරිපත් විය. ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකා සබඳතාව සුබවාදී බලාපොරොත්තු රැසක් ජනිත කරන අතර එම රාජ්‍ය නායක හමුව මෑත ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් බව ප්‍රදීප් සේතුංග මහතා පැවසීය. ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරින් වේගයෙන් වෙනස්වන ලෝක ස්වභාවයන් යහපත් දිශානතියක් වෙත ගෙන යාමේ ප්‍රධානම වගකීම මෙම ප්‍රධාන රටවල් දෙක සතුය. එම නිසා මානව දියුණුව වෙනුවෙන් ක්‍රියා කිරීමේ පූර්ණ මෙහෙයුම මෙම රටවල් මත පැවරී තිබේ. එළඹෙන වසර ලෝකයට මෙතෙක් පවතින ආර්ථික අර්බුද හා යුද තත්ත්වයන්ගෙන් තොර සුබවාදී වසරක් වනු දැකීම සියළු ලෝ වැසියන්ගේ අභිප්‍රායකි. එය සැබෑවක් කිරීම උදෙසා මේ වසර තුළ චීනය විසින් ඉහළ දායකත්වයක් ලබා දී ඇතැයි ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම